දකුණු කොරියාවේ සෝල් නුවරට කිලෝමීටර් 50ක් ගිනිකොන දෙසින් ඉචියොන් හි රෝහල් ගින්නකින් හෙදියක් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 5දෙනෙකු මිය ගොස්, තවත් 37දෙනෙකු තුවාල ලබා ඇති බව යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කරයි.
ගින්න හටගන්නා විට සිව්මහල් ගොඩනැගිල්ල තුළ රෝගීන් 33දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 46දෙනෙකු සිට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්රියාත්මක වන නමුත් ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ බව සඳහන් වෙයි.