දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන්, දැනට වසර 22ක දූෂණ චෝදනාවකට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු ජනාධිපතිනී පාර්ක් ගුවෙන්-හයි වෙත සමාව දීමට ඉඩ ඇති බව යොන්හැප් පුවත් ඒජන්සිය පවසයි.
දකුණු කොරියානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් යොන්හැප්ට පැවසුවේ පාර්ක් සමාව ලැබිය යුතු පුද්ගලයින්ගේ ලැයිස්තුවකට හිටපු ජනාධිපතිනියගේ නමද ඇතුළත් කර ඇති බවයි.
69 හැවිරිදි වියේ පසුවන හිටපු ජනාධිපතිනිය නිදන්ගත උරහිස් සහ යටිබඩේ වේදනාව හේතුවෙන් මේ වසරේ තුන් වතාවක් රෝහල් ගතකරනු ලැබීය.
දුරදිග යන දූෂණ චෝදනා සහ දේශපාලන බලපෑම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් දෝෂාභියෝගයට ලක් කර ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව, පාර්ක් ගුවෙන්-හයි 2017 මාර්තු මාසයේ සිට වසර 22ක ඒකාබද්ධ සිර දඬුවමක් විඳිමින් සිටියි.