දකුණු කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසන්නේ ගෙවීගිය දිනයේ දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ කොවිඩ්-19 ආසාදිතයන් 20 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් නව දෙනෙකුම බටහිර සෝල් හි සාත්තු නිවාසයකින් හඳුනාගෙන තිබේ.
ඒ සමග මෙම සාත්තු නිවාස ආශ්‍රිතව පැනනගින නව ආසාදිත පොකුර සම්බන්ධයෙන් දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් වැඩි අවධානයක් යොමුකර ඇත.
මේ සමග එරටට විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන්ද ඇතුළුව ගෙවීගිය දිනයේ ආසාදිතයන් 45 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එසේම මෙසේ විදේශයන්ගෙන් පැමිණෙන ආසාදිතයන්ද ගෙවීගිය දින 26ක් පුරා ඉලක්කම් දෙකක අගයක් ගෙන ඇති බව යොන්හැප් පුවත් ඒජන්සිය පවසයි.
මෙම නවතම සිද්ධීන් බොහෝ දුරට සොයාගෙන ඇත්තේ ඉරාකයේ සිට ආපසු පැමිණෙන කම්කරුවන් මෙන්ම රුසියානු ධජ සහිත නැව්වල නැවියන් ආශ්‍රිතවය.