දකුණු අප්‍රිකාවේ උපන්දින සාදයක් මාරාන්තික වෙයි


දකුණු අප්‍රිකානු පොලිස් සේවයට (SAPS) අනුව ඉරිදා සවස දකුණු අප්‍රිකාවේ නිවසක උපන්දිනයක් සමරමින් සිටි පිරිසකට තුවක්කුකරුවන් දෙදෙනෙකු නිවසකට ඇතුළු වී වෙඩි තැබීමෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

වෙඩි තැබීම සිදුවූයේ දකුණු වරාය නගරය වන ක්බෙරා හි මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, නාඳුනන ප්‍රහාරකයින් දෙදෙනා සොයා මේ වනවිටත් පොලිස් මෙහෙයුම් අරඹා ඇත.

SAPS හි ප්‍රකාශයකට අනුව මියගිය අය අතර නිවසේ හිමිකරුද වේ.

ඝාතනයට ලක්වූ සෙසු පුද්ගලයන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු සිටින අතර, කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලිස් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles