දකුණු අප්‍රිකාවෙන් දෛනිකව වැඩිම ආසාදිත පිරිස 1,160ක්


දකුණු අප්‍රිකාවේ වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ එක් දිනක වැඩිවීම 1,160කින් ඉහළ ගොස් ඇති බව එරට ජාතික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද (18දා) අලුයම වනවිට 15,515ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එම ආසාදිතයන්ගෙන් 60%කට වැඩි පිරිසක් බටහිර කේප් පළාතෙන් වාර්තා වීමද විශේෂත්වයකි.

අප්‍රිකානු කලාපය තුළ තරමක් ප්‍රමාදව පැතිරීම ආරම්භ වූ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 264කි. එමෙන්ම ආසාදිතයන්ගෙන් 7,006ක් සුවය ලබා තිබේ.



Recommended Articles