දකුණු අප්‍රිකාව කොවිඩ්-19 ආසාදිත 100,000 පසුකරයි


දකුණු අප්‍රිකාවේ ගෙවීගිය පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයන් 4,289ක් වාර්තා වීමත් සමග එරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 100,000 සීමාව පසුකර තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 101,590කි.

එමෙන්ම නව කොරෝනා වෛරසය ආශ්‍රිතව එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,991ක් බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන මෙම ආසාදිත අගය අප්‍රිකා මහාද්වීපයේ වාර්තා වූ රෝගීන්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයකි.

කෙසේ වෙතත් සමස්තයක් ලෙස අප්‍රිකානු මහද්වීපයේ මරණ අනුපාතය අනෙකුත් කලාපවලට වඩා අඩු මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වා දෙයි.



Recommended Articles