දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු ගින්න නිවන්න දින 2ක් යයි


දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ දින දෙකක් පුරා පැතිර ගිය ගින්නක් අවසානයේ අඟහරුවාදා මැඬපැවැත්වීමට හැකි වූ බව ගිනි නිවන භටයන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

ඉරිදා අලුයම ආරම්භ වූ පාර්ලිමේන්තු ගින්න සඳුදා පාලනය කළ බව මුලින් ප්‍රකාශයට පත් වුවත්, තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න තවදුරටත් පැතිර ගිය අතර, ගිනි නිවන භටයින් විශාල පිරිසක් නැවත වරක් එදින රාත්‍රී කාලයේද ගින්න නිවීමට දැඩි පරිශ්‍රමයක් ගෙන තිබුණි.

කෙසේ වෙතත් මෙම ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, මෙම ගිනිගැනීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව දකුණු අප්‍රිකානු පොලීසිය පවසයි.



Recommended Articles