දකුණු අප්‍රිකානු ජනපති එරට කොවිඩ්-19 සීමා ලිහිල් කරයි


දකුණු අප්‍රිකාව තුළ සැප්තැම්බර් 13 වන සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සීරුමාරු කළ වසංගත අනතුරු ඇඟවීම 3 මට්ටමේ සිට 2 වැනි මට්ටම දක්වා පහත දමන බව එරට ජනාධිපති සිරිල් රමෆෝසා නිවේදනය කරයි.

නව පියවරයන් අනුව රටේ රාත්‍රී ඇඳිරි නීතිය ප්‍රාදේශීය වේලාවන් අනුව රාත්‍රී 11:00ට ආරම්භ කෙරෙන අතර, පාන්දර 4.00 ට අවසන් වේ.

නව ලිහිල් කළ සීමා යටතේ අත්‍යවශ්‍ය නොවන අවන්හල්, බාර් සහ ශරීර සුවතා මධ්‍යස්ථාන වැනි ස්ථාන රාත්‍රී 10.00ට වසා දැමිය යුතුය.

කොවිඩ්-19 ජාතික විධාන කවුන්සිලයේ සහ ජනාධිපති, සම්බන්ධීකරණ කවුන්සිලයේ මහ අමතිවරු, නගරාධිපතිවරුන් සහ සෙසු නායකයන් සමග පැවති සාකච්ඡාවලින් පසු මෙම නව පියවර සකස් කළ බව රමෆෝසා පැවසීය.

එළිමහන් ස්ථානවල මහජන රැස්වීම් උපරිම 500කට සීමා කෙරෙන අතර, ස්ථානීය ධාරිතාවෙන් 50%කට නොඅඩු ගෘහස්ත රැස්වීම් පැවැත්වේ.

වසංගතයේ තත්ත්වය මත සති දෙකකින් මෙම පියවර සමාලෝචනය කෙරෙනු ඇතැයිද ජනාධිපති රමෆෝසා පැවසීය. කෙසේ වෙතත් ජනතාව තවමත් පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳිය යුතු බවත් සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු බවත් ඔහු පැවසීය.

අප්‍රිකාවේ COVID-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රට දකුණු අප්‍රිකාව වන අතර ආසාදන 2,858,195ක් සහ මරණ 84,877ක් වාර්තා වී තිබේ.



Recommended Articles