දකුණු අප්‍රිකානු ගංවතුරෙන් මරණ 341ක් දක්වා ඉහළට


දකුණු අප්‍රිකාවේ ක්වාසූලූ-නටාල් පළාතේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින්, එරටට බලපෑ විනාශකාරී ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 341ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම සංඛ්‍යාව පළාත් මහ ඇමති විසින් නිවේදනය කරන ලද අතර, ගංවතුරෙන් පුද්ගලයින් 41,000කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවද සඳහන් කළේය.

දකුණු අප්‍රිකානු කාලගුණ සේවය පැවසුවේ මෙම ගංවතුර තත්ත්වය දකුණු අප්‍රිකානු ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරට පැමිණ ඇති බවයි.

වෙරළබඩ පළාතට සති අන්තයේ සිට අධික වර්ෂාපතනයක් අත්විඳ ඇති අතර, පාලම්, නිවාස, වාහන සහ මාර්ග ගසාගෙන ගිය හදිසි ගංවතුර හටගනු ලැබුවේ ඉන් අනතුරුවය.

පළාතේ පාසල් 120කට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති අතර, අධ්‍යාපන කටයුතු අත්හිටුවීමට පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝග කර තිබුණි.



Recommended Articles