දකුණු අප්‍රිකා කැබිනට් මණ්ඩලයේ බලයේ අඩක්ම කාන්තාවන්ට දෙයි


දකුණු අප්‍රිකාවේ අගමැති සිරිල් රාමපෝසා විසින් නම්කළ නව කැබිනට් මණ්ඩලය එරට ඉතිහාසයේ ප්‍රථම වරට හරි අඩක් කාන්තාවන්ගෙන් සමන්විත බව විදෙස් වාර්තා පවසයි.

මෙහි තවත් විශේෂත්වයක් වී ඇත්තේ මෙසේ පත්කළ කැබිනට් මණ්ඩලයට විපක්ෂයේ කාන්තාවකද සහභාගී කරවා ගැනීමයි.

ඒ අනුව, විරුද්ධ පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිනියක වූ පැට්‍රීෂියා ඩි ලයිලේ එරට යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරිය ලෙස පත්කර තිබේ.

පසුගිය මැයි 8 වැනිදා පැවති මහ මැතිවරණයෙන් අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව සිරිල් රාමපෝසා යළිත් වරක් එරට අගමැති ධුරයට තේරීපත් විය.

එමෙන්ම, පෙර පැවති කැබිනට් මණ්ඩලය 38 සිට 28 දක්වා අඩු කිරීමටද අගමැතිවරයා කටයුතු කර තිබේ.

විශේෂයෙන්ම වංචාව හා දූෂණය මැඬපැවැත්වීමද මෙම නව කැබිනට් මණ්ඩලය පත්කිරීම තුළ ප්‍රමුඛ අරමුණක් බව අගමැතිවරයා පවසා ඇත.



Recommended Articles