දකුණු කොරියානු සහ ජපන් පුරවැසියන් සඳහා ඔන් අරයිවල් වීසා නිකුත් කිරීම සහ පැය 72/144 වීසා රහිත සංක්‍රමණ ප්‍රතිපත්තිය චීනය විසින් අත්හිටුවා ඇති බව චීනයේ ජාතික සංක්‍රමණ පරිපාලනය පවසයි.
චීනයේ කොවිඩ්-19 තත්ත්වය හමුවේ එරට දේශසීමා විවෘත කරමින් චීන සංචාරකයන්ට විදෙස්ගතවීමට අවස්ථාව ලබාදීමත් සමග දකුණු කොරියාව සහ ජපානය සිය රටවල් චීන සංචාරකයන්ට වසා දැමීමට මීට පෙර පියවර ගැනුණි.
ඒ අනුව, ඊට එකට එක කිරීමක් ලෙස චීනය මෙම නව සීමා හඳුන්වාදී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.