ද.කොරියාව සිව්වැනි කොවිඩ් රැල්ලක් ගැන අනතුරු අඟවයි


දකුණු කොරියාවේ 5 වැනි දිනටත් නව ආසාදිතයන් 500කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කිරීමෙන් පසුව රට තුළ සිව්වැනි කොරෝනා රැල්ලක් ඇතිවීමේ කඩඉමකට පැමිණ ඇති බවට සෞඛ්‍ය අමාත්‍ය ක්වොන් ඩියොක්-චියොල් අනතුරු ඇඟවීය.

"පසුගිය සතිය පුරා, දිනපතා නව ආසාදිතයන් සංඛ්‍යාව 500ක් පමණ වෙනවා. එය ආසාදන වැඩිවීමේ ප්‍රවණතාව පැහැදිලිව පෙන්නුම් කරනවා" යැයි ක්වොන් ඊයේ (04දා) පැවති සාකච්ඡාවකදී පැවසීය.

කොවිඩ්-19 ආසාදනය වැළැක්වීම සඳහා අනවශ්‍ය රැස්වීම් අවලංගු කිරීම සහ එන්නත් කිරීමේ ක්‍රියාවලියට ක්‍රියාකාරීව සහභාගී වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.



Recommended Articles