ද.කොරියානුවන්ට තාවකාලික වීසා නිකුත් කිරීම චීනය අරඹයි


චීනයේ සංචාරය කරන දකුණු කොරියානුවන්ට තාවකාලික කෙටි කාලීන වීසාවක් නිකුත් කිරීම පෙබරවාරි 18දා සිට අරඹන බව එරට චීන තානාපති කාර්යාලය පවසයි.

චීනයේ මෑතක පැතිරගිය කොවිඩ් ව්‍යාප්තිය සමග චීන ජාතිකයන්ට දකුණු කොරියාවේ සංචාරක වීසා තහනමක් පැනවීමට එරට කටයුතු කිරීමත් සමග ඊට ප්‍රතිචාර ලෙස චීනය විසින් දකුණු කොරියානුවන්ට වීසා ලබාදීම අත්හිටුවන ලදී.

කෙසේ වෙතත්, මේ වනවිට දකුණු කොරියාව එම සීමා ඉවත් කිරීමත් සමග එම මතභේදය විසඳෙමින් පවතින නිසා දකුණු කොරියානුවන් වෙතද පැය 72/144 වීසා රහිත ප්‍රතිපත්තිය සහ ඔන්අරයිවල් වීසා ප්‍රතිපත්තිය යළි සක්‍රීය කිරීමට මෙසේ චීනය කටයුතු කර ඇත.



Recommended Articles