දකුණු කොරියාවේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වී සිරගතව සිටි හිටපු ජනාධිපති ලී ම්යුන්ග්-බක් වෙත විශේෂ ජනාධිපති සමාවක් පිරිනැමීමට එරට වත්මන් ජනපති යූන් සුක්-යෙඔල් තීරණය කර තිබේ.
ජනාධිපති සමාව හිමිවූ එරට රැඳවියන් 1,300ක් අතර හිටපු ජනපතිවරයාගේ නමත් පවතින බව දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය පවසයි.
අල්ලස් ගැනීම ඇතුළු දූෂණ චෝදනා යටතේ 2019 වසරේ සිට 17 වසරක් සිර දඬුවම් විඳින 81 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා නිදහස්වීමට නියමිතව තිබුණේ වර්ෂ 2036 දීය.
හිටපු ජනාධිපතිවරයාගේ වයස සහ ඔහුගේ රෝගී තත්ත්වය සලකා බලා 2022 වසරේ ජූනි මාසයේදී ඔහුව තාවකාලිකව සිරදඬුවමින් නිදහස් කිරීමටද අධිකරණ අමාත්‍යාංශය මීට පෙර පියවර ගෙන තිබුණි.