ද.කොරියානු සෝල් නුවර ආශ්‍රිත ආසාදන තවදුරටත්


දකුණු කොරියාවේ නව කොරොන වෛරස ආසාදිතයන් 279 දෙනෙකු ඊයේ (15දා) වාර්තා වූ බව දකුණු කොරියානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.

ඉන් 267ක් දේශීයව සම්ප්‍රේෂණය වූ සිද්ධීන් වන අතර, 141ක් සෝල් අගනුවරින් වාර්තා වී තිබේ.

මේ වනවිට තහවුරු වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15,318ක් වන අතර, ඉන් 1,103ක් නිරෝධායන හා 13දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද කියැවෙයි. එරට වෛරසය ආශ්‍රිතව මියගිය සංඛ්‍යාව 305 කි.

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඉරිදා සිට සමාජ දුරස්ථ පියවර සෝල් ප්‍රදේශයේ නැවත හඳුන්වා දෙනු ලැබේ.



Recommended Articles