උතුරු කොරියාවට අයත් ඩ්‍රෝන යානයක් පසුගිය මාසයේ දකුණු කොරියාවේ සෝල් අගනුවර පිහිටි කොරියානු ජනරජයේ (ROK) ජනාධිපති යූන් සුක්-යෙයෝල්ගේ කාර්යාලය අවට කිලෝමීටර් 3.7ක පියාසර තහනම් කලාපයකට කෙටි වේලාවකට ඇතුළු වී ඇති බව අනාවරණය වී තිබේ.
ප්‍රහාරක ජෙට් යානා මගින් එය ලුහු බැඳීමටත්, හෙලිකොප්ටර් යානා මගින් ඊට ප්‍රහාර එල්ල කිරීමට දකුණු කොරියානු හමුදාව පොළඹවමින් දෙසැම්බර් 26 වැනි දින පැමිණි ඩ්‍රෝන යානා අතර මෙයද වූ බව කියැවෙයි.
කෙසේ වෙතත්, පැය ගණනක් දකුණට ඉහළින් පියාසර කළ ඩ්‍රෝන යානා බිම හෙළීමට දකුණු කොරියානු හමුදාවට නොහැකි විය.
දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් (JCS) ඩ්‍රෝන යානයක් ජනාධිපති කාර්යාලය අසල පියාසර තහනම් කලාපයකට ඇතුළු වූ බව ප්‍රතික්ෂේප කර ඇති නමුත් බ්‍රහස්පතින්දා සිය ස්ථාවරය ආපසු හරවා එය ගුවන් සිමාව උල්ලංඝනය කළ බව තහවුරු කළේය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් අදහස් දක්වා නැත.
උතුරු කොරියාව නැවත සිය ගුවන් සීමාව උල්ලංඝණය කළහොත් 2018 අන්තර් කොරියානු හමුදා ගිවිසුම අත්හිටුවීමට සලකා බලන බව යූන් අනතුරු අඟවා තිබේ.