ද. කොරියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 8,000ට ළඟයි


දකුණු කොරියාවේ තවත් කොරෝන වෛරසය ආසාදිතයන් 110ක් ඊයේ (12දා) වාර්තා වී ඇති අතර, මේ වනවිට රටේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 7,979ක් බව කොරියාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.

මේ වනවිට රට තුළ කොවිඩ්-19 ආසාදිතයන් පුද්ගලයින් 67 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් බහුතරය වැඩිහිටියන් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එමෙන්ම දකුණු කොරියාව තුළ වෛරසය ආසාදිතයන්ගෙන් සුවය ලබා පුද්ගලයින් 177 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.



Recommended Articles