ද. කොරියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 1,000 ඉක්මවයි


දකුණු කොරියාව තුළ නව කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,000ක් පසුකරමින්, 1,146ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර දකුණු කොරියාවේ මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති අතර, ආසාදිතයන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් රටේ දකුණේ ෂින්චියොන්ජි ආගමික ශාඛාවකට සම්බන්ධ පිරිසක් බව කියයි.

එම අගාමික නිකාය මේ වනවිට දකුණු කොරියාවේ සිය මුළු සභාවේම ලැයිස්තුව සෞඛ්‍ය බලධාරීන්ට භාර දීමට එකඟ වී තිබේ.

මේ අතර, දකුණු කොරියාවේ ස්ථානගත කර ඇති 23 හැවිරිදි එක්සත් ජනපද සොල්දාදුවෙකු නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ පළමු වැනි එක්සත් ජනපද හමුදා සාමාජිකයා බවට පත්ව ඇති බව වාර්තා වෙයි.



Recommended Articles