ද. කොරියාවේ අගොස්තුවෙන් පසුව වැඩිම කොවිඩ් ආසාදන


දකුණු කොරියාව ගෙවීගිය අඟහරුවාදා දිනයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 313ක් වාර්තා කර ඇති අතර, එය අගෝස්තු 29න් පසු විශාලතම දෛනික ආසාදන සංඛ්‍යාව බව කොරියාවේ රෝග පාලන නිවාරණ ඒජන්සිය නිවේදනය කරයි.

ඒ අනුව නව කොරෝනා ආසාදිතයන් 245ක් දේශීයව සම්ප්‍රේෂණය කළ ආසාදිතයන් ලෙසත්, 68ක් විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන් ලෙසත් හඳුනාගෙන ඇත.

නව ආසාදනවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සෝල් නාගරික ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ අනුව පාසල් සහ ආගමික රැස්වීම් සීමා කරමින් සෝල් අගනගර ප්‍රදේශය බ්‍රහස්පතින්දා සිට සමාජ දුරස්ථ පියවර දැඩි කිරීමට යයි.

දකුණු කොරියාවේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 29,311ක් සහ මරණ 496ක් වාර්තා වී ඇති බව එරට රෝග පාලන නිවාරණ ඒජන්සිය වැඩිදුරටත් නිවේදනය කරයි.



Recommended Articles