දකුණු කොරියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් දකුණු චීන මුහුදේදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුව නැවියන්ගේ මුදල් හා භාණ්ඩ ඔවුන් විසින් පැහැරගෙන ගොස් තිබේ.
මෙම මංකොල්ලය සඳහා මුහුදු මංකොල්ලකරුවන් 7 දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් ගිනිඅවි සහ පිහි වැනි ආයුදවලින් සන්නද්ධව සිටි බව සඳහන් වෙයි.
මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදී ඇත්තේ සී.කේ. බ්ලූ බෙල් නමැති නෞකාවකි. එහි සිටි නැවියන් සතු වූ ඇ.ඩො.13,000ක මුදල්, ජංගම දුරකථන, ඇඳුම් සහ ඔවුන්ගේ සපත්තු පවා මෙහිදී පැහැරගැනීමට ලක්ව තිබේ.
එම අවස්ථාවේදී නැවියන් 22 දෙනෙකු නෞකාවේ සිට ඇති අතර, මෙහිදී නැවියන් දෙදෙනෙකු පමණක් සුළු තුවාල ලබා ඇත.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් පසුවද එම නෞකාව සුපුරුදු පරිදි තම ගමනාන්තය දක්වා ගමන් කරමින් සිටින බව දකුණු කොරියානු බලධාරීන් පවසයි.