දකුණු කොරියානු F-4 ප්රහාරක යානයක් සිකුරාදා රටේ ගියොන්ගි පළාතේ, හවුසියොන්ග් නගරයට කඩා වැටී ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙම අනතුරින් ජීවිත හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර, යානය කඩා වැටෙන අවස්ථාවේදී නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉන් ඉවත්වී තිබේ.