දකුණු අප්රිකාව 2022 වසරේ දින 205කම විදුලිය විසන්ධි වීම් වාර්තා වී ඇති අතර, එය ඉතිහාසයේ නරකම බලශක්ති අර්බුදය වාර්තා වූ කාලය ලෙස සැලකෙයි.
විශේෂයෙන්ම, වියපත් ගල් අඟුරු බලාගාර බිඳ වැටීම සහ හදිසි විදුලි ජනක යන්ත්ර සඳහා ඩීසල් මිලදී ගැනීමට මුදල් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එරට තුළ විදුලි අර්බුදය උග්රවෙමින් පවතින බව කියයි.
ඒ අනුව, මේ වසරේ මේ දක්වා සෑම දිනකම විදුලිය ඇනහිටීම් සිදුවී තිබේ. පසුගිය සතියේ ගල් අඟුරු උත්පාදන ඒකක 11ක බිඳවැටීම් හේතුවෙන් තවත් කප්පාදුවක් ක්රියාත්මක කිරීමට යන අතර, දෛනිකව පැය 12ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවෙයි.