ද. අප්‍රිකාවේ ගංවතුර නිසා පාසල් තවමත් වසා දමලා


සති දෙකකට පෙර ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු දකුණු අප්‍රිකාවේ ක්වා-සුලු නටාල් හි මාර්ග යටිතල පහසුකම් පිරිසිදු කිරීමේ මෙහෙයුම් සහ අලුත්වැඩියා කිරීම් සිදුකළද, පාසල් 62කට තවමත් ප්‍රවේශ විය නොහැකි බව කියයි.

විපතට පත් පාසල් සඳහා ජංගම පන්ති කාමර 100ක් පමණ ලබාදෙන බව පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

අර්ධ වශයෙන් හානියට පත් පාසල් නැවත ගොඩනගන අතර, ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ප්‍රවේශ මාර්ග අලුත්වැඩියා කර ප්‍රතිසංස්කරණය කරන බැවින් මෙය කෙටිකාලීන විසඳුමක් බව එහි සඳහන් වේ.

මාරාන්තික ගංවතුරේ බලපෑම පාසල් සිසුන්ට දැනෙමින් පවතින අතර, පළාතේ මියගිය පුද්ගලයන් 430කට අධික සංඛ්‍යාවෙන් 64ක් පාසල් සිසුන් බවද කියයි.

ගංවතුර තත්ත්වය හේතුවෙන් පාසල් 630ක් පමණ පීඩාවට පත්ව ඇති අතර, 124කට බරපතල හානි සිදුවී ඇත.



Recommended Articles