දකුණු අප්‍රිකාව තුළ කොවිඩ්-19 ආසාදිතයන් දිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන් රටේ රෝහල් ධාරිතාව ආරක්ෂා කරගැනීම සඳහා එරට මත්පැන් අලෙවිය නැවත වරක් තහනම් කරමින්, රට තුළ දෛනික ඇඳිරි නීතියද යළි පැනවීමට කටයුතු කර තිබේ.
&කුණාටුව දැන් අප මතයි. දකුණු අප්‍රිකානුවන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා* දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා ඉරිදා සවස රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවසීය.
රටේ වාණිජ කේන්ද්‍රස්ථානය වන ජොහැන්නස්බර්ග් සහ රටේ අගනුවර වන ප්‍රිටෝරියා අයත් වන ගෝතෙන්ග් පළාතේ පමණක් තහවුරු වූ ආසාදිතයන් 100,000ක් දක්වා වේගයෙන් ළඟා වෙත්ම, රට තුළ ආසාදිතයන් ඉහළ යෑමේ නායකත්වය එම පළාත ගෙන තිබේ.
සංඛ්‍යා දත්තවලට අනුව දකුණු අප්‍රිකාව දෛනිකව නව කොවිඩ්-19 ආසාදිතයන් 12,000කට වඩා වාර්තා කර ඇති අතර, එය සෑම පැයකටම නව ආසාදිතයන් 500කට සමාන වේ. දකුණු අප්‍රිකාවේ නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 4,000කට වඩා වැඩි ප්‍රමාණයක් පසුගිය සතියේ සිදුවී ඇත.
වසරක් තුළ දකුණු අප්‍රිකානුවන් 40,000 ත් 50,000ත් අතර සංඛ්‍යාවක් වෛරසයෙන් මිය යා හැකි බවට පුරෝකථනය කර ඇති බව රමෆෝසා පැවසීය.
&මෙම ප්‍රක්ෂේපණ වැරදි බව ඔප්පු කිරීම අපගේ වැදගත්ම කාර්යය බවට පත් කළ යුතුයි. මේ සඳහා ජනතාව තම වගකීම ඉටුකළ යුතුයි* රමෆෝසා පැවසීය.
ප්‍රතිකාර මැදිහත්වීම්වල සාර්ථකත්වය සහ දකුණු අප්‍රිකාවේ 1.5%ක් වන මාරාන්තික අනුපාතය ලෝකයේ පහළම මට්ටමේ තබා ගැනීම සඳහා දැඩි අගුලු දැමීමක් සඳහා යොමුවන බවද ඔහු අවධාරණය කළේය.