ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය දැන් දකුණු අප්‍රිකාවේ සියලුම පළාත්වල පවතින අතර, ජනාධිපති සිරිල් රමෆෝසා විසින් නව රෝගීන් අඛණ්ඩව වැඩි වුවහොත් රට ඉක්මනින් සිව්වැනි රැල්ලකට ඇතුළු වීමේ හැකියාව මතු කර තිබේ.
"ඔමික්‍රෝන් හඳුනා ගැනීම කොවිඩ්-19 ආසාදනවල හදිසි වැඩිවීමක් සමග සමපාත වෙනවා. ආසාදිතයන් දිගින් දිගටම ඉහළ ගියහොත්, ඉදිරි සති කිහිපය තුළ ආසාදනවල හතරවැනි රැල්ලක් අපට අපේක්ෂා කළ හැකියි" රමෆෝසා රූපවාහිනී දේශනයකදී පැවසීය.
වැඩිහිටි ජනගහනයෙන් 35%ක් පමණක් මේ වනවිට දකුණු අප්‍රිකාව තුළ සම්පූර්ණයෙන් එන්නත් කර ඇති අතර එන්නත් කිරීම තවමත් මන්දගාමී තත්ත්වයක පවතින බැවින්, පොදු ප්‍රවාහන, සේවා ස්ථාන, පොදු වැඩසටහන් සහ පොදු වෙළෙඳ සැල් ආදී පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා එන්නත් අනිවාර්ය කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා ඇති බවද රමෆෝසා වැඩිදුරටත් නිවේදනය කළේය.