තේරේසා මේ බ්‍රිතාන්‍ය අගමැති ධුරයට සමුදෙන බව ප්‍රකාශ කරයි


මහා බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙකු තෝරාපත් කරගැනීමේ ඉඩහසර ඇති කරමින්, තමන් එලැඹෙන ජූනි 7 වැනිදා කන්සවර්ටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බව තේරේසා මේ පවසයි.

අතිශය හැඟීම්බර ප්‍රකාශයක් සිදුකරමින් ඇය කියා සිටියේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා තමන්ට කළ හැකි උපරිමය කළ බවයි.

කෙසේ වෙතත්, එය මෙතෙක් සාර්ථක කරගැනීමට නොහැකි වීම පිළිබඳ බලවත් කනගාටුවක් පවතින බවද ඇය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, කන්සවර්ටිව් පක්ෂ නායකත්වය සඳහා නවකයෙකු තේරාපත් කරගැනීම සිදුවන අවස්ථාව වනතෙක් තමන් අගමැති ධුරය හොබවන බවද තෙරේසා පවසා තිබේ.

මේ අතර, කන්සවර්ටිව් පක්ෂය කියා සිටියේ එලැඹෙන ජූලි මස අවසානයේදී නව නායකයෙකු තෝරාපත් කරගැනීමට හැකිවනු ඇති බව තමන් විශ්වාස කරන බවයි.

මේ අතර, තේරේසා මේ සමුගැනීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ට්‍රම්ප් පවසා සිටියේ, තමන් තේරේසා සම්බන්ධයෙන් කනගාටු වන බවයි. තමන් ඇයට වඩාත් කැමති බව පවසන ට්‍රම්ප්, ඇය ඉතා හොඳ කාන්තාවක බවද කියයි. එමෙන්ම, ඇය ඉතා මහන්සියෙන් කටයුතු කළ බව පවසන ට්‍රම්ප්, ඇය ඉතා ශක්තිසම්පන්න කාන්තාවක බවද කියයි.



Recommended Articles