තෙවැනි ලෝක යුද්ධයක් ගැන අනතුරු ඇඟවීමක්


අභ්‍යවකාශ යානයකට එරෙහි ප්‍රහාරයක් මීළඟ ගෝලීය යුද්ධයක් ඇති කළ හැකි බව රුසියාවේ ජාතික අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානී දිමිත්‍රි රොගොසින් අනතුරු අඟවයි.

"විදේශීය අභ්‍යවකාශ යානයක් විනාශ කිරීම යනු තුන්වැනි ලෝක යුද්ධය බව යමෙකු මතක තබා ගත යුතුයි. ඒ ගැන කිසිදු සැකයක් නැහැ" රොගොසින් පැවසුවේය.

රොගොසින් ප්‍රකාශ කළේ චන්ද්‍රිකා නාශක මිසයිල අත්හදා බැලීම් නතර කිරීමට වොෂිංටනය ගත් තීරණය ගැන අදහස් දක්වමිනි.

කෙසේ වෙතත්, රොස්කොස්මොස් ප්‍රධානියා තර්ක කළේ, එක්සත් ජනපදය දැන් සාම පරෙවියන් ලෙස පෙනී සිටියත්, ඔවුන් දැනටමත් අවශ්‍ය සියලු දේ කර ඇති බවය.

රොගොසින් වැඩිදුරටත් තර්ක කළේ දැනට පෘථිවිය වටා කක්ෂගතව ඇති මිනිසුන් රහිත එක්සත් ජනපද ෂටලයක් වැනි අභ්‍යවකාශ යානයක් වන Boeing X-37 ඔත්තු බැලීම සහ මහා විනාශකාරී ආයුධ රැගෙන යාම සඳහා භාවිත කළ හැකි බවය.

අභ්‍යවකාශයේ ආයුධ ස්ථානගත කිරීම තහනම් කිරීමේ ගිවිසුමක් අත්සන් කිරීමට රුසියාව සහ චීනය විසින් කරන ලද යෝජනාවකට වොෂිංටනය දැක්වූ නිහඬබවින්ම මෙය පැහැදිලි බව ඔහු කීවේය.



Recommended Articles