සෞදියේ ඛනිජ තෙල් පරිශ්‍ර දෙකට ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීම පසුපස ඉරානය සිටින බවට චෝදනා කරමින්, ඊට ප්‍රතිචාර දක්වන බව සෞදි අරාබිය අවධාරණය කරයි.
සෞදි අරාබියේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඇඩෙල් අල් ජුබීර් කියා සිටියේ මෙම ප්‍රහාර සඳහා භාවිත කරන ලද ආයුද ඉරානයට අයත් බවත්, එම පරීක්ෂණයේ සම්පූර්ණ සොයා ගැනීම් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවත්ය.
කෙසේ වෙතත්, තමන් වෙත එල්ල වන චෝදනාව ඉරානය ප්‍රතික්ෂේප කරයි.
සෞදි අරාබියට හමුදා යවන බවට එක්සත් ජනපදය නිවේදනය කිරීමෙන් පසුව ඕනෑම ආක්‍රමණිකයෙකු විනාශ කිරීමට ඉරානය සූදානම් යැයි ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු පවසා තිබුණි.
මේ අතර, යේමනයේ ඉරාන පිටුබලය ලත් හොයුතු කැරලිකරුවන් පවසා ඇත්තේ ගෝලීය තෙල් සැපයුමට බලපාන සැප්තැම්බර් 14 වැනි දින ඩ්‍රෝන් හා මිසයිල ප්‍රහාරවලට තමන් වගකියන බවය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරේ ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කිරීමේ ගනුදෙනුවක් අතහැර දමා නැවත සම්බාධක පැනවීමත් සමඟ එක්සත් ජනපදය හා ඉරානය අතර යම් නොසන්සුන්කාරී වාතාවරණයක් මේ වනවිට උද්ගතව තිබේ.