තෙමසකට පසු ජපානයෙන් කොවිඩ් මරණයක් සිදුව නෑ


ජපානයේ මාර්තු 6දායින් පසුව ප්‍රථම වරට ගෙවීගිය ඉරිදා දිනය නව කොරෝනා මරණ කිසිවක් වාර්තා නොවූ දිනයක් ලෙස සටහන්ව ඇති අතර, එරට ආසාදිතයන් ප්‍රමාණයේ සුළු ඉහළ යෑමක් වාර්තා කර තිබේ.

ඒ අනුව ජපානයෙන් නව ආසාදිතයන් 38ක් ඉරිදා දිනයේ වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙමගින් එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 17,886ක් දක්වා ඉහළ ගොස් ඇති බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශය, එරට සමස්ත මරණ 929ක් බව පවසයි.

ජපානයේ ආසාදිතයන්ගෙන් 712ක් සහ මරණ 13ක් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් මතු වූ අතර, එම නෞකාව පෙබරවාරි මාසයේදී සති දෙකක කාලයක් යොකොහාමා හි නැංගුරාම්ලා නිරෝධායනය කළේය.

මැයි මස මැද සිට ජපානය දිනකට නව ආසාදිතයන් 100 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා කර ඇත.



Recommended Articles