තුර්කියේ මැයි මස මැද සිට දෛනික ආසාදන ඉහළටම


තුර්කියේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් ගෙවීගිය දිනයේ 12,381ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය මැයි මස මැද භාගයේ සිට වාර්තා වූ ඉහළම දෛනික ආසාදන මට්ටම වන අතර ජූලි මස මුලදී වාර්තා වූ අවම මට්ටම මෙන් තුන් ගුණයකට ආසන්න බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.

එමෙන්ම කොවිඩ්-19 වෛරසය හේතුවෙන් තුර්කියේ පුද්ගලයන් 58 දෙනෙකු මිය ගිය බවද එම දත්ත පෙන්නුම් කරයි.

අප්‍රේල්-මැයි මාසවලදී නව කොවිඩ්-19 ආසාදිතයන් දෛනිකව 60,000ට වඩා ඉහළ ගිය ආසාදන රැල්ලකින් පසුව තත්ත්වය හොඳ මට්ටමක පැවතිණි.

කෙසේ වෙතත් මැයි මස මැද භාගයේදී අවසන් වූ දැඩි අගුලු දැමීමත් සමග ජූලි 4දා වන විට දෛනික ආසාදන 4,418 දක්වා පහත වැටුණි. කෙසේ නමුත් පැවති සීමාවන් බොහෝමයක් මෙම මාසයේදී ඉවත් කළ අතර ඒ සමග ආසාදන යළි වැඩි වී තිබේ.



Recommended Articles