පුද්ගලයන් 46,000කට වඩා මරු කැඳවමින් තුර්කියේ ඇතිවූ භූ කම්පනයෙන් දෙසතියකට පසුව තවත් ප්‍රබල පසු කම්පනයක් එරටින් වාර්තා වී තිබේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව මෙය රික්ටර් පරිමාණ 6.3ක භූ කම්පනයක් ලෙස සටහන් වී ඇත.
මෙම භූකම්පනය තුර්කියේ දකුණුදිග හටායි පළාත වෙත දැනී ඇති අතර, භූකම්පනය හේතුවෙන් මරණ කිහිපයක්ද වාර්තා වී තිබේ.
පසුගියදා ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් පසුව මේ වනවිට තුර්කියේ පසුකම්පන 294ක් ඇතිවී තිබේ.