තුර්කිය උතුරු සිරියාවේ ගුවන් ප්‍රහාර සමග ප්‍රහාර දියත් කරයි


එක්සත් ජනපදයේ සහාය ලබන කුර්දි සටන්කාමීන් ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සමග ගැටුමකට තුඩු දිය හැකි ප්‍රහාරයක් අරඹමින්, තුර්කි යුද ගුවන් යානා ඊසානදිග සිරියාවේ ඇතැම් ප්‍රදේශ වෙත බෝම්බ හෙළා තිබේ.

තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් පැවසුවේ කුර්දි සටන්කාමීන් ඉවත් කර 'ආරක්ෂිත කලාපයක්' නිර්මාණය කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බවයි. එමෙන්ම, මෙමගින් සිරියානු සරණාගතයන්ටද ආරක්ෂිත නිවස්නයක් නිර්මාණය වන බව ඔහු කියයි.

මෙම ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන්ට හානි සිදු වූ බව කුර්දි සටන්කාමීන් ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය පවසයි.

මෙම ගුවන් ප්‍රහාර දියත් වන අවස්ථාව වනවිට තුර්කියේ යුද හමුදාවද දේශසීමා වෙත විශාල වශයෙන් රැස්කර තිබුණු බව විදෙස් වාර්තා පවසයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු සිරියාවේ සිටි එක්සත් ජනපද හමුදා මතභේදාත්මක ලෙස ඉවත් කර දින කිහිපයකට පසු මෙම ප්‍රහාරය දියත් වීමද විශේෂත්වයකි.

එර්ඩෝගන් සමග දුරකථන ඇමතුමකින් පසුව ට්‍රම්ප් නිවේදනය කරන ලද මෙම තීරණය ලොව පුරා දැඩි විවේචනයකට ලක්විය.



Recommended Articles