නැගෙනහිර තුර්කියේ පුද්ගලයන් 38 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ හිම කුණාටු දෙකකින් පසුව සිදුවූ බේරාගැනීමේ මෙහෙයුම් අත්හිටුවීමට රජය කටයුතු කර තිබේ.
මීට දිනකට පෙර සිදු වූ තවත් හිම කඳු කඩා වැටීමකට ගොදුරු වූවන් සොයා ගැනීමට උත්සාහ කරමින් සිටියදී බේරාගැනීමට පැමිණි බොහෝ දෙනෙකු දෙවැනි කුණාටුවට හසුව මියගොස් තිබුණි.
තවදුරටත් ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු වූ නමුත් තුන්වැනි හිම කුණාටුවක් ඇතිවිය හැකි බැවින් එය අත්හිටුවීමට කටයුතු කර ඇත.
700 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම අද (06දා) දින නිසි පරීක්ෂාවකින් පසුව සිදුකිරීමට බලධාරීන් සූදානම් වෙයි.
හිම යට සිරවී සිටින මිනිසුන් බේරාගැනීම සඳහා සවල් හා උපකරණ භාවිතයෙන් විශාල පිරිසක් උත්සාහ කරන ආකාරය මීට පෙර දැකිය හැකි විය.
මෙම මුදාගැනීමේ මෙහෙයුම් සඳහා තුර්කියේ ආපදා හා හදිසි කළමනාකරණ අධිකාරිය (අෆාඩ්) නායකත්වය දෙයි.