තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව භූකම්පනය සිදුවූ දෙසතියක් ගතවන තැන 46,000ක සීමාවට ළඟාවී ඇති බව කියයි.
කෙසේ වෙතත්, භූ කම්පනය සමග සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා වූ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම ප්‍රබල භූ කම්පනය සහ ඉන් පසුව ඇති වූ පසුකම්පන හේතුවෙන් මහල් නිවාස 264,000ක් සුන්බුන් බවට පත්වූ අතර, ඒවායෙහි ජීවත් වූ පිරිස් මියගොස් හෝ අතුරුදන්ව සිටී.
එමෙන්ම, සිරියාවේ වයඹදිග පෙදෙසේ භූකම්පනය හේතුවෙන් විනාශ වූ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ලෝක ආහාර සංවිධානය එම පළාතේ පාලනය ගෙනයන කණ්ඩායම්වලින් ඉල්ලීම් කර තිබේ.