දකුණුදිග තුර්කියට බලපෑ ප්රබල භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති සම්පූර්ණ හානිය ඇ.ඩො.බිලියන 34ක් බව ලෝක බැංකුව ඇස්තමේන්තු කර තිබේ.
මෙම අගය 2021 වසරේ තුර්කියේ දළ ජාතික නිෂ්පාදනයෙන් 4%ක් බව පෙන්වා දෙන ලෝක බැංකුව, මෙම ඇස්තමේන්තුවට යළි ගොඩනැගීමේ කාර්යයන් අඩංගු නොවන බවද පෙන්වා දෙයි.
එසේම උතුරු සිරියාවේ භූකම්පනයෙන් සිදුවූ හානියද මෙම ඇස්තමේන්තුවට අයත් නොවන අතර, සිරියාවේ හානිය පිළිබඳ ඇස්තමේන්තු ඉදිරියේදී නිකුත් කරන බව පවසයි.