තුර්කි භූ කම්පනයේ මරණ සංඛ්‍යාව 48,448ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට බලධාරීහු පවසති.
තුර්කියේ සහ සිරියාවේ දේශසීමා ආසන්නව මීට මාසයකට පමණ පෙර ඇති වූ මෙම භූ කම්පනය ගෙවුණු කාලයේ තුර්කියට බලපෑ වඩාත් දරුණුතම භූ කම්පනයක් ලෙස ඉතිහාසගත විය.
එමෙන්ම, මෙම භූ කම්පනය හේතුවෙන් එරට ආර්ථිකයටද බලවත් පහරක් එල්ල වූ අතර, සිදුවූ ජීවිත හා දේපළ හානි සුළුවෙන් තැකිය නොහැක.
මේ තත්ත්වය තුළ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමන් සෝලු පෙන්වා දෙන්නේ සුන්බුන් ඉවත් කිරිමේදී හමුවන මෘතදේහ සහ බරපතළ තුවාල ලැබූ ඇතැම් පුද්ගලයන්ගේ මරණ සමග මෙසේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන බවය.