තුර්කියේ දස දහස් ගණනක් මිනිසුන්ට ජීවිත අහිමි කරමින්, මීට දෙසතියකට පමණ පෙර සිදුවූ භූ කම්පනයේ මුදා ගැනීමේ මෙහෙයුම් වැඩි ප්රමාණයක් නවතා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.
තුර්කියේ ආපදා කළමනාකරණ බලධාරීන් පෙන්වා දුන්නේ, භූකම්පනයෙන් විනාශයට පත්වූ ගොඩනැගිලි 40ක් ආශ්රිතව සිදුකරන මෙහෙයුම් තවදුරටත් සිදුවන බවයි.
එමෙන්ම, භූ කම්පනය සිදුවී දෙසතියක් ගතවුණද පසුගිය දින කිහිපයේදීම තවදුරටත් ජීවතුන් අතර සිටින පිරිස් හමුවූ අතර, වයස අවුරුදු 12ක දරුවෙකු භූ කම්පනය සිදුවී පැය 296කට පසුව මුදා ගැනුණි.