නයිජීරියාවට ඔබ්බෙන් මුහුදේදී මුහුදු මංකොල්ලකරුවන් විසින් තුර්කි නැවියන් 10 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
Paksoy-1 නෞකාවේ සිටි නැවියන් මෙසේ මුහුදු මංකොල්ලකරුවන්ට හසුව ඇත්තේ කැමරූන් සිට අයිවරි කෝස්ට් දක්වා යාත්‍රා කරමින් තිබියදීය. එම අවස්ථාවේදී නෞකාව ගිනියා සමුද්‍ර සන්ධියේ පැවතී ඇත.
කප්පම් ලබාගැනීමේ අරමුණින් මෙම නාවික පිරිස ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත්, මෙම මුහුදු කලාපය මුහුදු මංකොල්ලකරුවන්ගෙන් බහුල කලාපයක් බවත් නයිජීරියාව පවසයි.
තුර්කිය මෙන්ම, නයිජීරියාව මෙම නැවියන් පිරිස බේරාගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වෙයි.