තුර්කි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දින පවත්වයි


තුර්කියේ වත්මන් ජනපති රෙසෙප් ටයිප් එර්ඩොගාන් සිය දෙවැනි ධුර කාලය ලෙස තවත් වසර 5කට බලය ඉල්ලා සිටින සහ උණුසුම් තරගකාරීත්වයක් පවතින තුර්කි මැතිවරණය අද (24දා) ආරම්භ විය.

එරට වේලාවෙන් අද පෙ.ව.8.00 ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වූ අතර, එරට ඉතිහාසය තුළ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන මැතිවරණ ද්විත්වයම එකම දිනයක පැවැත්වෙන ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.

මේ ආකාරයෙන් මැතිවරණ දෙක එකම අවස්ථාවේදී පැවැත්වීම 2017 වසරේදී වත්මන් ජනාධිපති රෙසෙප් ටයිප් එර්ඩොගාන්ගේ මූලිකත්වයෙන් සිදුවූ ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව සිදුව තිබේ.

ඔහුගේ නායකත්වයෙන් යුතු පාලක යුක්තිය හා සංවර්ධනය පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කරනු ඇති බව කියවුණත්, මධ්‍ය වාමාංශික ආපේක්ෂක මුහාරෙම් ඉන්සේ ඔහුට ප්‍රබල අභියෝගයක් එල්ලකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

2016 වසරේ ජූලි මාසයේදී සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසුව තුර්කිය තවමත් පවතින්නේ හදිසි තත්ත්වයක් යටතේය.

මෙවර මැතිවරණය සඳහා කෝටි පහ මාරකට වැඩි ඡන්ද දාකයන් පිරිසක් ලියාපදිංචි වී සිටින අතර, මැතිවරණය වෙනුවෙන් ඡන්ද පෙට්ටි එක්ලක්ෂ අසූඑක් දහසක් යොදාගෙන තිබේ.

කෙසේ වෙතත්, මැතිවරණයෙන් 50%ක බහුතර බලය ලබාගැනීමට කිසිදු අපේක්ෂකයෙකු සමත් නොවුණහොත්, ලබන ජූලි 08 වැනිදා දෙවැනි වටයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.



Recommended Articles