තුර්කියේ පැවති ජනාධිපතිවරණයෙන් හිටපු ජනපති රෙසෙප් ටයිප් එර්ඩොගාන් සිය දෙවැනි ධුර කාලය ලෙස තවත් වසර 5කට බලය හිමිකර ගැනීමට සමත්ව තිබේ.
ඊයේ (24දා) පැවති පළමු වටයේ ඡන්ද විමසීමේදී එර්ඩොගාන් විසින් පැහැදිලි බහුතරයක් ලබාගෙන ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සාදි ගුවෙන් ප්‍රකාශ කර ඇත.
එරට රජයේ මාධ්‍ය වාර්තා කළ ආකාරයට මෙවර මැතිවරණයෙන් 99%ක ඡන්ද ගණන් කිරීමක් අවසන් වනවිට එර්ඩොගාන් 53%ක ඡන්ද ප්‍රතිඵලයක් ලබාගෙන ඇති අතර, ඔහුට දැඩි තරගයක් ලබාදෙනු ඇතැයි විශ්වාස කළ මුහාරෙම් ඉන්සේ ලබාගෙන තිබුනේ 31%ක් පමණි.
ඒ අනුව, එරට විරුද්ධ පක්ෂය මෙතෙක් මෙම ප්‍රතිඵලය නිල වශයෙන් පිළිගෙන නොමැති වුවත්, ඔවුන් පවසා තිබුණේ ප්‍රතිඵලය කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදී සටන අත් නොහරින බවයි.
තුර්කි ඉතිහාසය තුළ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන මැතිවරණ ද්විත්වයම එකම දිනයක පැවති ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.
එමෙන්ම, මැතිවරණ දෙක එකම අවස්ථාවේදී පැවැත්වීම 2017 වසරේදී වත්මන් ජනාධිපති රෙසෙප් ටයිප් එර්ඩොගාන්ගේ මූලිකත්වයෙන් සිදුවූ ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව සිදුවිය.
ඔහුගේ නායකත්වයෙන් යුතු පාලක යුක්තිය හා සංවර්ධනය පක්ෂයද මහ මැතිවරණය ජයග්‍රහණය කරනු ඇති බව විශ්වාස කරන අතර, සමස්ත මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය ලබන සිකුරාදා දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.