තුර්කි - සිරියා භූ කම්පනයේ මරණ 4,500ක සීමාව කරා


තුර්කියේ සහ සිරියාවේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු අවම වශයෙන් මරණ අද (07දා) උදෑසන වනවිට 4,372ක් තහවුරු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

තුර්කියේ ආපදා සේවා ප්‍රධානී යුනුස් සේසර්ට අනුව අඟහරුවාදා උදෑසන වන විට තුර්කියේ පමණක් මරණ සංඛ්‍යාව 2,921ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තුවාල 15,834ක් වාර්තා වී ඇති බව අන්කාරා හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සේසර් පැවසීය.

සිරියාවේ, මරණ 1,451ක් සහ තුවාල කරුවන් 3,531ක් නිලධාරීන් විසින් වාර්තා කර ඇත.


තුර්කියේ දකුණුදිග සීමාවට සහ සිරියාවේ වයඹදිග සීමාවට අද (06දා) බලපෑ රික්ටර් පරිමාණ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනය හේතුවෙන් දෙරටේම 2,300කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

තුර්කි වේලාවෙන් අද අලුයම 4.17ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති අතර, මෙම අවස්ථාවේදී බොහොදෙනා නින්දේ පසුවීම හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙහිදී තුර්කිය තුළ මරණ 1,540කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, සිරියාව තුළද මරණ 810ක් ඉක්මවා වාර්තා වී තිබේ. එමෙන්ම, භූ කම්පනය හේතුවෙන්ම දෙරටේම තුවාල ලැබූ සමස්ත සංඛ්‍යාව 10,000ක් ඉක්මවා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

 



Recommended Articles