තුන් වැනි චාලස් රජුගේ ඔටුනු පැලඳවීම 2023 දී


අභිනවයෙන් පත්වූ තුන් වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙස්ට්මින්ස්ටර් ඇබේ හිදී ලබන වසරේ මැයි 06දා පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

පසුගියදා අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් රැජිනගේ පුත්‍රයා ලෙස ඔටුන්නේ හිමිකාරීත්වය ඔහු වෙත පැවරුණි.

ඒ අනුව, රැජිනගේ අභාවයත් සමගම චාල්ස් කුමරු මහා බ්‍රිතාන්‍යයේ රජු බවට තේරීපත් වුවත්, ඔහුට චාරිත්‍රානුකූලව ඔටුනු පැලඳවීම කඩිනමින් සිදු නොවීය.

බකිංහැම් මාලිගය නිවේදනය කරන පරිදි එම චාරිත්‍රානුකූල රාජාභිෂේකය මෙසේ 2023 මැයි මස 06 වැනි සෙනසුරාදා දිනයට යොදාගෙන ඇත.



Recommended Articles