මහජන චීනයේ 70 වැනි සංවත්සර සැමරුමට සමගාමීව ඇ.ඩො.බිලියන 11ක වියදමකින් ඉදිකළ තාරුකා මතස්‍යයෙකුගේ හැඩය ගත් ගුවන් තොටුපොළ පසුගියදා විවෘත කෙරිණි.
බීජිං අගනුවර ඩැක්සිං ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජනාධිපති ෂී ජින්පිං විසින් නිල වශයෙන් විවෘත කෙරුණු අතර, මෙය ප්‍රමාණයෙන් වර්ග මීටර් 700,000ක් හෙවත් පාපන්දු පිට්ටනි 98ක් පුරා පැතිරී ඇති බව චීන මාධ්‍ය පවසයි.
බීජිං හි දැනට කැපිටල් ජාත්‍යන්තර පවතින ගුවන්තොටුපළ ඇට්ලන්ටා ගුවන් තොටුපොළට පසු ලොව දෙවැනි කාර්යබහුලම ගුවන්තොටුපළ බව ගුවන් තොටුපල කවුන්සිලය පවසයි.
එහෙත් බලධාරීන් පවසන්නේ කාර්යබහුල බීජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පීඩනය ඉවත් කිරීම සඳහා නව ගුවන් තොටුපළක් අවශ්‍ය වූ බවය.
ඩැක්සිං ගුවන්තොටුපළ - එකම ගොඩනැගිල්ලක ලොව විශාලතම පර්යන්තය යැයි කියනු ලැබේ. 2025 වනවිට නගරය පිළිගැනීමට අපේක්ෂා කරන බොහෝ මගීන්ට මෙය පහසුකම් සපයනු ඇත.
චීන ගුවන් සමාගම් හතක් නව ගුවන් තොටුපළෙන් මෙහෙයුම් ආරම්භ කර තිබූ අතර, පළමු ගුවන් යානය - චයිනා සදර්න් එයාර්ලයින්ස් හි A380 ගුවන් යානය ගමන් අරඹා තිබුණි.
බ්‍රිතාන්‍ය එයාර්වේස්, කැතේ පැසිෆික් සහ ෆිනෙයාර් ඇතුළු ජාත්‍යන්තර ගුවන් සමාගම් දැනටමත් ඩැක්සිං වෙත ගමන් කරන බව ප්‍රකාශ කර තිබේ.
ටියානන්මෙන් චතුරස්‍රයට කි.මී. 46 (සැතපුම් 29) දකුණට වන්නට පිහිටා ඇති මෙම නව ගුවන් තොටුපළ සැලසුම් කර ඇත්තේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී සහා හාඩිඩ් විසිනි.
ගුවන්තොටුපල විවෘත කිරීමත් සමග බීජිං, නිව්යෝක් සහ ලන්ඩන් ඇතුළු නගර කිහිපයකට සම්බන්ධ වී ඇති අතර, මිලියන 100 කට අධික මගීන් 1958 දී විවෘත කරන ලද බීජිං කැපිටල් භාවිතා කර ඇත.