චීන හමුදාව මෙතැන් සිට තායිවාන් සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාවේ නැගෙනහිර පැත්තේ “නිත්‍ය” අභ්‍යාස පවත්වනු ඇති බව චීන රාජ්‍ය රූපවාහිනිය ඉරිදා වාර්තා කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මධ්‍ය රේඛාව යනු චීනය සහ තායිවානය වෙන් කරන නිල නොවන පාලන රේඛාවක් වන අතර, යුද නැව් සහ යුද ගුවන් යානා සාමාන්‍යයෙන් දෙපාර්ශ්වයේ සිට තරණය නොකරයි.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි දිවයිනට පැමිණීමට ප්‍රතිචාර වශයෙන් බීජිං මේ සතියේ තායිවානය වටා මහා පරිමාණ සජීවී යුද අභ්‍යාස දියත් කළේය.
චීනය මෙම ස්වයං පාලන දූපත තම භූමිය ලෙස සලකන අතර, විදේශ නිලධාරීන් සහ තායිපේ රජය අතර සම්බන්ධතාවලට විරුද්ධ වේ.