තායිවාන් කාඩ් සෙල්ලම් නොකරන ලෙස අවවාදයක්


"තායිවාන් කාඩ්" සෙල්ලම තවදුරටත් නොකරන ලෙසත්, චීනය සිය ස්වෛරීභාවය සහ ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂා කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට සපථ කරන බවත් පවසමින්, චීනයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන යැන්ග් ජියෙචි එක්සත් ජනපදයට අනතුරු ඇඟවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ එහි මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාලයේ අධ්‍යක්ෂ යැන්ග්, එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලීවන් සමග දුරකථන සංවාදයකදී මේ බව ප්‍රකාශ කර ඇත.

චීනය-එක්සත් ජනපද සබඳතා සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අතර ඇතිකරගත් වැදගත් එකඟතාව දෙරට උනන්දුවෙන් ක්‍රියාත්මක කළ යුතු බව යැං පැවසීය.

මෑතකදී දෙපාර්ශ්වයම හමුදාව, දේශගුණික විපර්යාස, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය ඇතුළු ප්‍රයෝජනවත් ක්ෂේත්‍රවල සංවාද පවත්වා ඇති අතර එම ගම්‍යතාව දිගටම පවත්වා ගත යුතු බවද යං පැවසීය.



Recommended Articles