තායිවානයේ පාලමක් කඩා වැටී ජීවිත 5ක් අහිමියි - 12කට තුවාල


තායිවානයේ පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පසුව එම පාලම යට තිබී මළ සිරුරු පහක් සොයා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව ඇති බව වාර්තා වෙයි.

නැගෙනහිර තායිවානයේ, නන්ෆැන්ගාඕ හි සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයන් 12කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව කියයි.

මෑතකදී ප්‍රබල සුළි කුණාටුවකට ලක්වූ ප්‍රදේශයක මෙම අනතුර සිදුව තිබුණත්, ඊට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව විදෙස් වාර්තා පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී පාලම යට නවතා තිබූ ධීවර කිහිපයක් මතට පාලම කඩා වැටි ඇති අතර, අනතුරට පත්වූවන් සෙවීම සඳහා කිමිදුම්කරුවන් යොදවා මෙහෙයුම් සිදුවන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබූ බොහෝ පිරිස් ධීවරයන් වන අතර, ඔවුන් අතර ඉන්දුනීසියානු සහ පිලිපීන ජාතිකයන්ද වන බව තායිවාන බලධාරීහු පවසති.



Recommended Articles