තායිවානයේ දොර වසා චීන දොර විවර කළ හොන්ඩුරාස්


මෙතෙක් වෙනම රටක් ලෙස තායිවානය පිළිගෙන කටයුතු කළ හොන්ඩුරාස් රාජ්‍යය, ඉදිරියේදී ඒ වෙනුවට චීන ප්‍රධාන භූමිය පමණක් පිළිගනිමින් සබඳතා ශක්තිමත් කරගන්නා බව පවසයි.

හොන්ඩුරාස් ජනාධිපතිනී ෂියෝමාරා කැස්ත්‍රෝ විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම අනාවරණය සිදුකළාය.

ඒ අනුව, හොන්ඩුරාස් රාජ්‍යය මෙම තීරණය මත දිගටම කටයුතු කළහොත්, ඔවුන් තායිවානය සමග සබඳතා අත්හරිමින් ඒ වෙනුවට චීනයේ එක් රටක් ප්‍රතිපත්තිය තෝරාගනු ඇත.



Recommended Articles