තායිවානයට ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් වාර්තා වෙයි


තායිවානයේ තායිටුන්ග් ප්‍රාන්තයට ඔබ්බෙන් සාගරයෙහි අද (17දා) උදෑසන රික්ටර් මාපකයේ 5.1ක භූමිකම්පාවක් සිදු වූ බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය පවසයි.

කිලෝ මීටර් 20ක ගැඹුරකින් යුතු භූ කම්පනයේ අපිකේන්ද්‍රය, උතුරු අක්ෂාංශ අංශක 22.44 ක් සහ නැගෙනහිර දේශාංශ අංශක 121.44 ක් ලෙස පිහිටා ඇති බව සෙන්ක් ආයතනය වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් ගොඩබිමට හානි සිදුවීමක් හෝ සුනාමි තත්ත්වයක් ඇති වූ බවක් දැනට වාර්තා නොවෙයි.



Recommended Articles