තායිවානයට ඔබ්බෙන් ප්‍රබල භූ කම්පනයක් වාර්තා වෙයි


චීනයේ තායිවාන ප්‍රදේශයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සඳුදා පස්වරු 5.46ට රික්ටර් පරිමාණ 6.4ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ.

කිලෝමීටර් 15ක් ගැඹුරින්, තායිවානයට ඔබ්බෙන් වූ මුහුදේ මෙම භූ කම්පනය සිදුව ඇති බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය (CENC) පැවසීය.

මෙම භූමිකම්පාව මුලින් මනිනු ලැබුවේ රික්ටර් පරිමාණ 6.0ක් ලෙසිනි. කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදුවූ දේපළ හෝ ජීවිත හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත. එමෙන්ම සුනාමි අනතුරු තත්ත්වයක්ද වාර්තා නොවීය.

කෙසේ වෙතත් මෙම කම්පනය තායිවානය පුරා දැනී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළ අතර, තායිවාන සමුද්‍ර සන්ධිය හරහා සමහර ප්‍රධාන නගරවල ෆුජියන් පළාතේ ෆුෂෝ සහ ෂියාමෙන් වැනි නගරවලටද දැනී ඇත.



Recommended Articles