තායිවානය මුල්කර චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීම්


එක්සත් ජනපදය සහ තායිවාන කලාපය අතර ඕනෑම ආකාරයක නිල සබඳතාවලට චීනය විරුද්ධ වන බවත්, එක්සත් ජනපදයේ ප්‍රකෝප කිරීම්වලට ප්‍රතිචාර වශයෙන් අධිෂ්ඨානශීලී ප්‍රතිප්‍රහාර බලාපොරොත්තු විය යුතු බවත් එක්සත් ජනපදයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක ලියු පෙන්ග්යු පවසයි.

ඉරිදා තායිවානයට පියාසර කළ එක්සත් ජනපද ද්විපාර්ශ්වික කොංග්‍රස් දූත පිරිසකගේ නැවුම් සංචාරය, තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ස්ථාවරත්වයක් දැකීමට එක්සත් ජනපදයට අවශ්‍ය නොවන බව පෙන්නුම් කරන අතරම, මෙය ඇමෙරිකාව විසින් දෙපාර්ශ්වය සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක් ලෙස විස්තර කෙරෙයි.

"තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා පවතින වත්මන් ආතතියේ වගකීම සම්පූර්ණයෙන්ම එක්සත් ජනපද පාර්ශ්වය වෙත පැවරී තිබෙනවා. අදාළ නීති සම්පාදකයින් තායිවානයට පැමිණීම නිසා ඇතිවන සියලු ප්‍රතිවිපාක ඔවුන් විඳදරාගත යුතුයි" ඔහු පැවසීය.



Recommended Articles